News

සනුදිගේ සිහිනය දිනන්න තටු දුන් Atlas Learn වෙතින්, ඇයට අලුත් සිහින දකින්න සහය

සිහින සැබෑකරගන්න මහන්සිවෙන සෑම දරුවෙකු පිටුපසම ආදරයෙන්, දරුවන් වෙනුවෙන්ම කැප වුණ මවක් සහ පියෙක් සිටී“. දෙමව්පියෝ වගේම, Atlas, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය ලෙස, සිහිනවලට පියාපත් දෙමින්, දරුවන් සවිබල ගැන්වීමට නිරන්තරයෙන් කැපවේ. එවන් අභිලාශයකින් Atlas නිර්මාණය කළ Atlas Learn, සෑම දරුවෙක්ටම සතුටින් ඉගෙනගන්න මඟ පාදන ඩිජිටල් අනාගතයේ සැලැස්මයි. 

Atlas Learn හරහා නිවසේ සුවපහසුව මැද සෑම දරුවෙකුටම නොමිලේ ඉගෙනගන්න අවස්ථාව උදාකර ඇත. ශ්‍රී ලංකාවේ හොඳම ගුරුවරුන්ගේ දැනුම, සහ ඉගෙනුම් ක්‍රමවේද දිවයිනේ සෑම කොනකම සිටින දුවාදරුවන්ට ලබා දීම එහි අරමුණයිශිෂ්‍යත්වයට අමතරව, 6-9 ශ්‍රෙ‍්ණි සඳහාත්, සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන සිසුන් සඳහාත් Atlas Learn දැනුම ලබා දෙයි.    

සනුදි සෙනෙත්මා දියණිය, Atlas Learn සමඟ සම්බන්ධ වී ශිෂ්‍යත්ව විභාගය, ලකුණු 195ක් සමඟ විශිෂ්ඨ ලෙස සමත් වූ දක්ෂ පොඩ්ඩෙක්.   

සනුදි, ඇගේ සිහිනය සැබෑ කරගත් ආකාරය ගැන අදහසමෙලෙස ප්‍රකාශ කළා.    

මම 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 195ක් ලබාගෙන ඉහළින්ම සමත් වුණා. පාසලේ ගුරුමව්පියන්ගෙන් විශාල සහයෝගයක් මට ලැබුණා. ඊට අමතරව මම Atlas Learn වෙතින් කරපු Online Classesවලට  සහභාගී වුණා.   මම ගණන් හදන්න ගොඩාක් කෙටි ක්‍රම ඉගෙනගත්තා. විභාගයට හොඳ ලකුණක් ගන්න වැඩ කරන්න ඉගෙනගන්න Atlas Learn මට උදව් වුණා. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන එක මගේ ලොකුම සිහිනයක්. මගේ සිහිනයට ළඟා වෙන්න Atlas වෙතින් මට ලොකු සහයෝගයක් ලැබුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන නංගිලා මල්ලිලාටත් මම ආරාධනා කරනවා Atlas Learn Online Classesවලට සම්බන්ධ වෙන්න කියලා.”     

Atlas Learn සනුදි වෙනුවෙන් ඇය අනාගතය දිනන තෙක්ම, උදව්වෙන්න සූදානම්. සනුදිගේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ඇයට මූල්‍යමය ශිෂ්‍යත්වයක් ලබා දෙන්න Atlas Learn කටයුතු කළා. මෙම වැඩසටහන, අගෝස්තු 25 වෙනි දින සාර්ථකව සිදු කෙරුනා.    

සනුදි වෙනුවෙන් තම ජීවිතයම කැප කරන සනුදිගේ අම්මාට එදා ඉතාමත් සතුටු දවසක් වුණා. ඇගේ සතුට ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්, “මට නිධානයක් පහල වුණා වගේ සතුටක් දැනුනා මාගේ දුව 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් අරන් සමත් වුණ නිසාගොඩක්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ Atlas ආයතනයෙන් කරපු Atlas Learn Online class එකට. අමතර පංති ගාස්තු, ප්‍රවාහන ගාස්තු නැතිව දරුවා ගෙදර ඉදන් නිදහසේ, ඉගනගන්න එක මට හරි පහසුවක් වුණා. මගෙ දුවට ලොකු අරමුණක් තිබුණා මොන බාධක ආවත් මම කොහොම හරි මේ කඩඉම ජයගන්නවා කියලා. ඒකටම පෙළ ගැසුන වාසනාවක් තමයි  Atlas Learn හරහා දක්ෂ ගුරුවරුන්ගේ ගුරුහරුකම්  ලබාගන්න හැකි වීමඉතාම ආකර්ශනීය විදිහට online class එකක් කියලා නොතේරෙන්න දරුවා අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මගේ දුවගේ ජයග්‍රහණයෙන් පසුව එයාගේ අනාගත සිහින සැබෑ කරගන්න ශිෂ්‍යත්වයක් ලබා දීමටද Atlas ආයතනය කටයුතු කරලා තියනවා. ආර්ථික අපහසුතා ඇති කාලයක ඒ වගේ අනුග්‍රහයක් දැක්වීම පිලිබදව මම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. මම බලාපොරොත්තු වෙනවා  මගේ දුවගේ සිහින සැබෑ කරගන්න Atlas උදව් කරනවා වගේම, යම් දවසක මගේ දුවත් රටේ අනාගත පරපුර වෙනුවෙන් එයාගෙ යුතුකම ඉටු කරයි කියලා.”     

අවස්ථාවට සහභාගී වූ Atlas Axillia Company (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ, අසිත සමරවීර මහතා මෙලෙස අදහස් දැක්වීය. “අපේ දරුවෝ තමයි රටේ අනාගතයේ දිශානතිය තීරණය කරන්නේ. සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලැබෙනවා කියන්නේ රටේ අනාගතය සාර්ථක බව තහවුරු කළ හැකි මිනුමකි. ලංකාවේ ප්‍රධානතම ඉගෙනුම් සන්නාමය ලෙස Atlas, ඉගෙනුම් උපකරණ සැපයීමෙන් ඔබ්බට අපෙන් රටට සිදුවිය යුතු යුතුකම් හඳුනාගෙන තිබෙනවා. අපි ලංකාවේ අධ්‍යාපන ආයතන හා එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියනවා. Atlas Learn හරහා අපි හොඳම ගුරුවරුන්ගේ දැනුම, දිවයිනේ සෑම කොනකම සිටින දුවාදරුවන්ට නොමිලේ ලබා දෙන්න කටයුතු කරලා තියනවා. Atlas Learn සමඟ එකතු වී සනුදි වගේම තවත් දූදරුවන් රැසක් සතුටින් ඉගෙනගනිමින් එයාලගේ සිහින සැබෑ කරගන්නවා දැකීම අපේ අරමුණයි.”      

ජීවිතයේ පළමු කඩයිම් විභාගය වන 5 වසර ශිෂ්‍යත්ව විභාගය Atlas Learn සමඟ සම්බන්ධ වී ජයගත් පුංචි වීරයින් දැකීම, ඉමහත් සතුටකි. මේ වැනි ධෛර්‍යවන්ත දරුවන්ට දිරිය දෙන්නට Atlas ඉදිරියටත් සූදානම්. ඔබේ දරුවාගේ අධ්‍යාපනයට නව්‍ය අත්දැකීමක් එක් කරමින් ඩිජිටල් පන්ති කාමරයට රැගෙනයාම Atlas Learn අරමුණයි. අදම Atlas Learn සමඟ සම්බන්ධ වී නිවසේ සුවපහසුව මැද, නොමිලේ දැනුම හඹා යන්න. 

Leave A Comment:

Your email address will not be published. Required fields are marked *

13 − one =