
රවුම් සුභ පැතුම් පතක් හදාගමු.
සුභ පැතුම් පත් සාමාන්‍යයෙන් අපි හදන්නේ කොටුවට. අපිට වෙන හැඩයකට හදන්න බැරිද? මොකද බැරි. අද අපි කියලා දෙන්නේ රවුම් සුභ පැතුම් පතක් හදන හැටි.
මොනවද අවශ්‍ය
සාදාගන්න ආකාරය
මුලින්ම වර්ණ 2 කින් A4 4 ක් ගන්න. කවකට්ට ආධාරයෙන් සෙන්ටිමීටර් 6 ක අරයක් සහිත රවුම් 4ක් ඇඳගන්න. දැන් ඒ රවුම් කපා ගන්න.

කපා ගත් රවුම් 4 හරි මැදින් නවා ගන්න. ඊට පස්සේ රූපයේ පෙනෙන ආකාරයට නැවුම් දාර කොටුවක් හැඩයට සිටින සේ රවුම් 4 එකින් එක අලවා ගන්න.

දැන් රවුම් ඇතුලට නවා ගන්න. Felt Pen වලින් ලස්සනට සුභ පැතුම් පත අලංකාර කරන්න. දැන් ඔබට තියෙනවා වෙනස්ම විදියේ සුභ පැතුම් පතක්.



